Cricket NewsEXCLUSIVEIPLPremier League

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩව 10 වතාවක් පළමු තරඟයක පරාජයත් සමඟින් තරඟාවලිය ආරම්හ කරයි

May be an image of 3 people, people standing and text
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය පුරාවට වැඩිම ශූරතාවයන් ගණනකට උරුමකම් කියන කණ්ඩායම වනුයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමය.සමස්ත තරඟාවලියකම අවසන් ප්‍රථිපලය කුමක් වුවද බොහෝ අවස්ථාවලදී ඔවුන් තරඟාවලිය පරාජයකින් ආරම්භ කරන ආකාරය දක්නට ලැබුණි.

May be an image of 2 people and people standing

ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 4 කින් පරාජයටපත් විය.ඔවුන් තරඟාවලියක් පරාජයකින් ආරම්භ කල 10 වැනි වතාව එය විය.මුම්බායි කණ්ඩායමේ අවසන් වසර 10 පුරාවටම මෙය ඔවුන් හට හුරුපුරුදු තත්වයක් වූ අතර තරඟාවලි ශූරයින් වූ බොහෝ අවස්ථාවලදීද මෙම තත්වයේ වෙනසක් නොවීය.

May be an image of 1 person, playing a sport and text

2013 වසරේ තම පළමු තරඟය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හමුවේ ලකුණු 2 න් පරාජය වීමත් සමඟින් එතැන් සිට මේ දක්වා තවමත් තරඟාවකියක් ජයකින් ආරම්භ කරන්නට රෝහිත් ප්‍රමුඛ මුම්බායි කණ්ඩායමට නොහැකි විය.මෙය වාර්ථා අතරට එක්වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ අඛණ්ඩව දසවතාවක් පළමු තරඟය පරාජය වූ පළමු කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලෙසිනි.

May be an image of 4 people and text

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button