Cricket NewsEXCLUSIVEIPLMatch Review

Tim Davidගේ සුපිරි පිතිකරණය අපතේ යවමින් Mumbai Indians මෙවර තරඟාවලියේ 10වන පරාජයත් ලබයි – Sunrisers Hyderabadට ලකුණු 3ක තියුණු ජයක්.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 65න තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 193ක් රැස් කිරීමට සමත් වුණා.

Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Rahul Tripathi පන්දු 46කදී ලකුණු 76ක් වාර්තා කිරීමට සමත් වුනා.

Priyam Garg ලකුණු 42ක් රැස් කළ අතර Nicholas Pooran ලකුණු 38ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Ramandeep Singh කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 194ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 190ක් පමණයි

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rohit Sharma ලකුණු 48ක් රැස් කල අතර Tim David පන්දු 18ක් තුල වෙගවත් ලකුණු 46ක් රැස් කල අතර Ishan Kishan ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේදී Umran Malik කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button