Cricket NewsEXCLUSIVE

පකිස්ථානය පරදා ඇෆ්ගනිස්තානයට කඩුලු 8 ක පහසු ජයක් ! ඇෆග්නිස්ථානය අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවත් වැඩි කරගනි!

මෙවර තරඟාවලියේ 22 වැනි තරඟය අද චිදම්බරම් ක්‍රීඩාංගණයේදී නිමාව දුටු අතර අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවාගන්නට පෙරකාර ඇෆග්නිස්ථානය සමත්වූයේ පකිස්තානය කඩුලු 8 කින් පරාජය කරමින්.

තරඟයේ කාසිය වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවර පහර දුන් පකිස්තානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 282ක් රැස් කලේය.නායක බාබර් අසාම් ලකුණු 74 කින් ඉනිමට දායකත්වය ලබාදුන් අතර ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නූර් අහම්ඩ් කඩුලු 3 ක් බිඳ හෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් පන්දුවාරයක් ඉතිරිව තිබියදී එම ලකුණු සංඛ්‍යාව පසු කර ගියේ ලකුණු 286 ක් වාර්ථා කරමින් එම ඉල්ලකය පසු කරගියේය.

ඉන්දියාව හැරුණු කොට ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන්ට අභියෝගයක් වීමට තරම් ප්‍රභල ආසියාතික කණ්ඩායමක් නොමැති බව යලිත් පසක් කරමින් ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 87 ක් හා රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 65 ක් ලකුණු පුවරුවට එක් කලේ පළමු කඩුල්ලට ලකුණු 130 ක් එක් කරමින්.

ඉනිම අවසන් කල රහ්මට් ශා ලකුණු 77 ක් හා නායක හශ්මතුල්ලා ශහිඩී ලකුණු 48 ක් නොදැවී රැස් කලේ වාර්ථාගත ජයක් ඇෆ්ගනිස්තානයට උරුම කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
6
+1
10
+1
2
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7