Cricket NewsEXCLUSIVEInternational

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ අයියර්ගේ පුරප්පාඩුව පිරවීමේ වගකීම රහනේට ?

අද උදෑසන වන විට ඉන්දීය පුවත්පත් කිහිපහක් සිත්ගන්නා සුළු පුවතක් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තිබුණි.ඉන්දීය ක්‍රිකට් වංශකතාව බිහි කල සාර්ථක ටෙස්ට් පිතිකරුවෙකුගේ යලිත් ආගමනය පිළිබඳව ඉන්දීය පුවත්පත් සඳහන් කර තිබුනේ අතික්ෂෝක්තියෙන් වීමද විශේෂත්වයක්.

චෙන්නයි පිල වෙනුවෙන් මංගල අයිපීඑල් තරඟයේම විශිෂ්ඨ ඉනිමක් දියත් කල අජින්ක්‍යා රහනේ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය සඳහා වන ඉන්දීය සංචිතයට කැඳවීම් ලබනු ඇති බව සඳහන්.ඒ ඉන්දීය මැදපෙල පිතිකරු ශ්‍රෙයාස් අයියර් ආබාධයකට ලක්ව තිබීමත් හේතුවෙන්.

අබාධය හේතුවෙන් අයියර් හට බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලිය අහිමි වූ අතර අයිපීඑල් තරඟාවලිය පවා ඔහුට අහිමි වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button