Cricket NewsEXCLUSIVE

නිස්සංක හා අසලංලගේ සටන් කාමී ඉනිම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි ! පුරසාරම් දෙඩූ හතුරුසිංහට වනිඳුගෙන් ටොක්කක් !

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් බංග්ලාදේශයත් අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවැනි තරඟය අද Chattogram හිදී නිමාව දුටුවේ සංචාරක ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක් උරුම කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දෙන්නට බංග්ලාදේශයට ශ්‍රී ලංකා නායකයා ඇරයුම් කල අතර ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 50 නිමා කලේ ලකුණු 286 ක් රැස් කරමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Towhid Hridoy ලකුණු 96 ක් නොදැවී රැස් කලේය.

හතුරුසිංහගේ අවතක්සේරු කිරීම් සියල්ලට පන්දුවෙන් පිළිතුරු දුන් හසරංග කඩුලු 4 ක් බිඳ දැමීය.

ජයග්‍රහණය සඳහා ලකුනු 287 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකරගියේය.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල පැතුම් නිස්සංක ලකුණු 114 ක් රැස් කලේය.
චරිත් අසලංක ලකුණු 91 යි.

ඒ අනුව දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරඟයේ ජයත් සමඟින් තරඟාවලිය සම තත්වයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button