Cricket NewsEXCLUSIVEWoman Cricket

ICC ශුරතාවලියට අනියුක්තව පකිස්ථාන සමග පැවැත්වෙන තරඟාවලිය ඉලක්ක කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කරච්චි හිදී පුහුණුවීම් අරඹයි.!

සැලකිය යුතු විරාමයකට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ තරඟය සංචාරයක නියැලීමට නියමිතය.විස්සයි විස්ස තරඟ තුනක් හා එක්දින තරඟ තුනක් එම තරඟාවලිය සඳහා ඇතුලත් ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසු කම් ලබාගැනීමට පැවැති තරඟාවලිය ශූරයින් ලෙස හමාර කල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලන හෝ වෙනත් ICC ඉසව් හැරුණුකොට ද්විපාර්ශවික තරඟාවලි ක්‍රීඩා කිරීමට ලැබෙනුයේ ඉතා අල්පවය.

මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත තරඟාවලියේ නායක්ත්වය දරන්නේ චමරි අතපත්තු විසිනි. තරඟාවලිය සඳහා පසුගියදා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතය සිය පළමු පුහුණු සැසියට අද එක්විය.

චමරි අතපත්තු මෙම තරඟාවලියට පෙරාතුව ෆෙයාබ්‍රේක් ආරාධිත විස්සයි විස්ස තරඟාවලියට එක්වූ අතර එම තණතීරු වල ද ඇය හොඳින් සාර්ථක විය. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ඇය අද කරච්චි හිදී පැවැති පළමු පුහුණුසැසියට එක්ව සිටියේය.

දෙරටටම තීරණාත්මක ICC ශූරතාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරඟාවලිය ලබන ජූනි මස පළමු වැනිදා ආරම්භ වනු ඇත.

දෙරට අතර පළමු තරඟය කරච්චි හිදී ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පුහුන්වීම් වල යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button