Cricket NewsEXCLUSIVELPL

තිසර පෙරේරා ප්‍රමුඛ LPL වංශකතාවේ රාජකීය Jaffna රජවරුන්ගේ ඔටුනු ගැලවීමට වනිඳු හසරංග ප්‍රමුඛ Kandy උගුසු ප්‍රහාරයට හැකියාව ලැබේවිද ?

ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම තෝරා ගන්නා තරගය Kandy Falcons කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21) පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

මින් පෙර පැවැති LPL. තරගාවලි දෙකේදීම ශූරයන් බවට පත් වූ යාපනය කණ්ඩායම, මෙවර තරගාවලියේදී Kandy Falcons කණ්ඩායමට එරෙහිව තරග වැදුණ අවස්ථා දෙකේදීම පරාජයට පත්විය. එබැවින් Kandy Falcons කණ්ඩායම හමුවේ පිට පිටම තෙවැනි වරටත් පරාජය නොවී සිටීමේ අභියෝගයකට Jaffna Kings කණ්ඩායම මෙම තරගයේදී මුහුණදී සිටියි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා අතර පරාජය වන කණ්ඩායමට අවසන් තරගයට පිවිසීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් Colombo Stars සහ Galle Gladiators අතර තරගයේ ජයග්‍රාහකයන් සමග තරග වැදී ජය ලැබිය යුතුය. Colombo Stars සහ Galle Gladiators අතර තරඟය හෙට පස්වරු 7.30 ට ආරම්භ වේ.

පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ PLAY-OFF තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය 22 වැනිදා රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම, පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව 23 වැනිදා රාත්‍රී 7.30 ට අවසන් මහ තරගයේදී තරග බිමට පිවිසෙනු ඇත.

මූලික වටයේදී සහභාගි වූ තරග 8 න් 7 ක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් Kandy Falcons කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයට පිවිසියේය. Jaffna Kings කණ්ඩායම එම තරගයට පිවිසියේ මූලික වටයේදී සහභාගි වූ තරග 8 න් 6 ක් ජයගෙන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමිනි.

මූලික වටයේදී පිළිවෙලින් ජයග්‍රහණ 3 ක් සහ 2 ක් ලබාගත් Colombo Stars සහ Galle Gladiators කණ්ඩායම් ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමින් PLAY-OFF තරගයේදී තරග වැදීම සඳහා අවස්ථාව උදාකර ගත්තා. ලකුණු සටහනේ පළමු ස්ථාන 4 අතරට එක්වීමට නොහැකි වීම හේතුවෙන් Dambulla Aura කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7