EXCLUSIVETrending Article

“ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේදී කිසිවකු මිලදී නොගත්, දෙවන දිනයේ කෝටි 3කට Gujarat මිලදී ගත් මෙවර තරඟාවලියේ හැරවුම් ලක්ෂ්‍ය” – ඩේවිඩ් මිලර් ගැන රසිකයකු තැබූ සටහන.!

2021 IPL තරගාවලියේ ඩේවිඩ් මිලර් ක්‍රීඩා කරන්නේ රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට,හැබැයි ඔහුට ලොකු දෙයක් ඒ සීසන් එකේ කරන්න බැරි වෙනවා.

මෙවර IPL වෙන්දේසියේ පලවෙනි දවසේ ඩේවිඩ් මිලර්ව සියලුම IPL කන්ඩායම් ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ දෙවෙනි දවසේ Gujarat Titans කන්ඩායම මිලර්ව පික් කරනවා.

ඒ වගේම දෙවැනි දවසත් ඩේවිඩ් මිලර්ට බිඩ් කරන්නෙ Rajasthan Royals සහ Gujarat Titans කණ්ඩායම් දෙක පමණයි.

අන්තිමට මෙවර තරගාවලියේ Gujarat Titans කන්ඩායම වෙනුවෙන් තෙවෙනියට වැඩිම ලකුණු රැස් කරන්නේ ඩේවිඩ් මිලර්,

පලවෙනි තරගයේ ඉදලා ඩේවිඩ් මිලර් Gujarat Titans කන්ඩායම දිනවන්න ලොකු මෙහෙවරක් කරනවා.

Qualifier තරගයේ පෙරළියක් කරලා වේලාසනින්ම ගුජරාට් කන්ඩායමට අවසාන මහ තරගයේ ආසනය වෙන කරන්නේ මිලර්..

අවසානයේ ඔටුනු පලදන රාත්‍රියේ ඔහුගේ පිත්තෙන් නොදැවුනු ලකුණු 32ක් පන්දු 19කදී රැස් කරලා Gujarat Titans කන්ඩායමට කුළුදුල් IPL තරගාවලියේම ශූරතාවය හිමි කර දෙන්න මිලර් කටයුතු කරනවා.

කෝටි තුනකට ගුජරාට් සතු වුන මිලර් අන්තිමට නතර වෙන්නේ තරගාවලියක් උඩුයටිකුරු කරලා ඔහුට වඩා වැඩි මිලකට අලෙවි වුනු ක්‍රීඩකයින්ටත් අත්කර දිය නොහැකි වුනු IPL ශූරතාවය මිලර් තමන්ගේ කන්ඩායමට ලබා දිලා….

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7