Cricket NewsEXCLUSIVEInternational
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින පුහුණුකරුවන් පුහුණු කිරීම උදෙසා හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක හා පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් ඇතුළු 3ක් ශ්‍රී ලංකාවට කැදවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින පුහුණුකරුවන් පුහුණු කිරීම උදෙසා ජාත්‍යන්තරයේ සිටින විශේෂඥ පුහුණුකරුවන් කිහිපදෙනකු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ තීරණය කළේය. ඒ අනුව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක හා පුහුණුකරු ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය වේග පන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් හා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක ඇලෙක්ස් කොන්ටෝරි යන මහත්වරු ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ විශේෂඥ පුහුණුකරුවන්ගේ පුහුණුව වරින්වර ලබාදීමෙන් මෙරට පුහුණුකරුවන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
