Cricket NewsEXCLUSIVEInternational

කෝලි සහ රාහුල්ගෙ සංයමය හේතුවෙන් ඉන්දියාවට කඩුළු 6ක ජයක් හිමිවේ.

සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 41.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාද සමග පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු නොලබා දැවීයෑම හේතුවෙන් ඕවර 2 ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 2 කට කඩුලු 3 ක් ලෙස සටහන් විය. කෙසේ වුවත් එම අවස්ථාවේදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ විරාට් ‍කෝලි (85) සහ ලෝකේෂ් රාහුල් (නොදැවී 97) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215 කදී ලකුණු 165 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

Virat Kohli and KL Rahul's 165-run stand is the second highest against Australia in ODI World Cups, India vs Australia, World Cup, Chennai, October 8, 2023

ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර යන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රාහුල් පන්දු 115 කට මුහුණදෙමින් ලබාගත් අර්ධ ශතක හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සැරසුවේය. කෙසේ වුවත් අවාසනාවකට මෙන් ඔහු සිය 7 වැනි එක්දින ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. පන්දු 116 කදී වාර්තා වූ කෝලිගේ 66 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button