Cricket NewsEXCLUSIVEInternational

නේපාලය ආසියානු ක්‍රීඩා උළෙලේදි T20I ලෝක වාර්තා කිහිපයක් අලුත් කරයි. – රෝහිත් ශර්මාගෙ හා ඩේවිඩ් මිලර්ගෙ වාර්තාද බිද දමයි

නේපාලයේ පිරිමි ක්‍රිකට් සංචිතය චීනයේ Hangzhou හි දැනට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ශූරතාවලියේදී ඔවුන්ගේ නම් ඉතිහාසයේ සටහන් විය.

නේපාලය, මොංගෝලියාවට එරෙහිව කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරමින් නියමිත පන්දුවාර 20 තුළදී 314/3ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. මෙම කැපී පෙනෙන ජයග්‍රහණය 2019 වසරේ අයර්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්තානය විසින් පිහිටුවන ලද 278/3 ලෙස පැවති ඉහළම T20I මුළු ලකුණු සංඛ්‍යාව අභිබවා ගියහ.

මේ අතර, වේගවත්ම T20I ශතකය සඳහා වූ වාර්තාවට හිමිකම් කීමට කුෂාල් මල්ලා ඉන්දියාවේ රෝහිත් ෂර්මා සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් වැනි T20I ප්‍රබලයින් අභිබවා යමින් මෙම ජයග්‍රහණය හුදෙක් පන්දු 34කදී ලබා ගත්තේය. මල්ලාගේ ඉනිම පන්දු 50 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 12 කින් සමන්විත වූ ලකුණු 137 කින් අවසන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button