Cricket NewsEXCLUSIVEInternational

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට පැමිණෙයි.

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවී සිටින නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ජර්සිවලින් සැරසී ඊයේ පාර්ලිමේන්තු සැසියට සහභාගිවී සිටියහ. නේපාල ක්‍රිකට් කණ්ඩායමට මුළු රටේම සහයෝගය ඇතැයි සංකේතවත් කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එලෙස පැමිණ ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමක ජර්සියකින් සැරසී පාර්ලිමේන්තු රැස්වීමකට මන්ත්‍රීවරුන් පැමිණි පළමු අවස්ථාව මෙය විය. එම පාර්ලිමේන්තු රැස්වීමේදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින නේපාල කණ්ඩායමට සහය පළ කරමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අදහස් පළ කර ඇත.

වසර 10කට පසු නේපාලය හා නෙදර්ලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයට එක්වූ අතර නෙදර්ලන්තය කඩුලු 6ක ජයක් හිමිකර ගත්තේය. නේපාලය හා ශ්‍රී ලංකාව අතර තරගය මේ 11 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button