Cricket NewsEXCLUSIVEInternational

James Anderson ප්‍රමුඛ ප්‍රභල එංගලන්ත පන්දු බලඇණිය හමුවේ නවසීලන්ත පිතිකරුවන් එකා පිට එකා දැවී යයි – පළමු දිනයේ සම්පුර්ණ ගෞරවය එංගලන්තයට.!

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (2) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිමේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 132ක් පමණයි.

කලකට පසුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවට්ර් බ්‍රෝඩ්, සිය වගකීම නිසි ආකාරව ඉටු කරමින් නවසීලන්ත මුල් පෙළ පිතිකරුවන් තිදෙනකු වේලාසනින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වා. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 23 හැවිරිදි මැටී පොට්ස් කඩුලු 4 ක් දවාගත්තේ නවසීලන්ත ඉනිම අඩ පණ කිරීම සඳහා ඇන්ඩසන්ට සහ බ්‍රෝට් අනගි සහායක් දෙමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට නවසීලන්ත ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඇන්ඩසන්ගේ පන්දු හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ජොනී බෙයාස්ටෝ අතට උඩ පන්දු ලබාදෙමින් දැවී ගියහ. බ්‍රොඩ්ගේ පන්දුවක් හමුවේ ඩොවෝන් කොන්වේ ලකුණු 3කට දැවී ගියේද බෙයාස්ටෝ අතට උඩ පන්දු ලබාදෙමිනි.

කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස්ගේ සහායද ඇතිව නායක කේන් විලියම්සන්ව පිටියෙන් ඉවත්කළ පොට්ස් ඩර්ලි මිචෙල්ගේ සහ ටොම් බ්ලන්ඩල්ගේ කඩුලු බිඳ දැමුවේය. නවසිලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Colin de Grandhomme නොදැවී ලකුණු 42ක් රැස් කිරීමට සමත් වූ අතර Tim Southee ලකුණු 26ක් රැස් කළා.

නවසීලන්ත පළමු ඉනිම – 132/10 (40)

Colin de Grandhomme – 42*
Tim Southee – 26
Tom Blundell – 14

James Anderson – 66/4
Stuart Broad – 45/1
Matty Potts – 13/4
Ben Stokes – 5/1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7