Cricket NewsEXCLUSIVEIPL

සංගාගේ Rajasthan Royalsට එරෙහිව වනිදු හසරංගගේ RCB තරඟ වදින IPL පිටියේ රාජකීය සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 13වන තරගය ලෙස ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Rajasthan Royals හි නායකත්වය Sanju Samson විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

Rajasthan Royals ඔවුන් සහබාගි වූ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර Royal Challengers Bangalore කණ්ඩායම තරඟ දෙකකට සහබාගි වී ඉන් තරඟයක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Rajasthan Royals සහ Royal Challengers Bangalore අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Rajasthan Royals –

Jos Buttler, Yashasvi Jaiswal, Sanju Samson (c & wk), Devdutt Padikkal, Shimron Hetmyer, Riyan Parag, Ravichandran Ashwin, Navdeep Saini, Trent Boult, Yuzvendra Chahal, Prasidh Krishna

Royal Challengers Bangalore –

Faf du Plessis (c), Anuj Rawat, Virat Kohli, Dinesh Karthik (wk), Sherfane Rutherford, Shahbaz Ahmed, Wanindu Hasaranga, David Willey, Harshal Patel, Akash Deep, Mohammed Siraj

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7