Cricket NewsEXCLUSIVEInternational

පන්දු යවන්නන්ට භීතීකාවක් වූ ඕස්ට්‍රේලියානු දැවැන්තයා, ඇන්ඩෘ සීමන් රිය අනතුරකින් දිවි ගමන නිම කරයි.!

ඇන්ඩෘ සිමන් අද (15) ඔහුගෙ මෝටර් රථය අනතුරකට පත් වීමෙන් මරණයට පත් වී තිබෙනවා. මිය යන විට ඔහුගෙ වයස අවුරුදු 46ක්.

ටෙස්ට් තරග 26ක් හා එක්දින තරග 198ක් ක්‍රීඩාකල ඔහු 1998 සිට 2009 දක්වා කාලය තුල ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රිකට් පිටිය වර්ණවත් කල ක්‍රීඩකයෙක්.

ප්‍රකාශයක් නිකුත් කරමින් ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පැවසුවේ “ඊයේ රාත්‍රියේ ටවුන්ස්විල් සිට කිලෝමීටර් 50 ක් පමණ ඔබ්බෙන් වූ හර්වි රේන්ජ් ප්‍රදේශයේදී 46 හැවිරිදි ඇන්ඩෘ සිමන්ස්ගෙ වාහනය අනතුරට පත් වී ඇති බවයි. තවද වාහනය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවද වාර්තා වේ.

හදිසි සේවා අංශ ඔහුගෙ ජීවිතය බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරුවද ඔහුට සිදු වී තිබු දැඩු තුවාල හේතුවෙන් ඔහු ජීවිතයෙන් සමුගෙන ඇති බවද ක්වින්ස්ලන්ඩ් පොලිසිය සදහන් කරයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වංශකතාවෙ පුරෝගාමී ක්‍රීඩකයෙක් වන මොහු 2003 හා 2007 ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමේ සමාජිකයෙක්ද වනවා.

නමුත් ඔහුගෙ ක්‍රිකට් දිවිය අවසාන වීමට ප්‍රධාන හේතුවක් වූයෙ ඔහුගෙ විනය පිළිබඳ ගැටලුයි. 2005 දි ඔහුගෙ තරග තහනමකට ලක් කලෙ ඉතිහාසයෙ ප්‍රථම වරට බංගලදේශයට එරෙහිව ඕස්ට්‍රේලියාව කාඩිෆ් පිටියේදි තරග පරාජයට පසු බීමත්ව හැසීරීම හේතුවෙන්.

නමුත් ඔහු නැවත කණ්ඩායමට පැමිණියද නැවතත් බීමත්කම පිළිබඳ ගැටලු හා කණ්ඩායමේ නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙ 2009 ලෝක කුසලාන සංචාරය හා කොන්ත්‍රාත්තුව ඔහුට අහිමි විය.

කෙසෙ වෙතත් ඇන්ඩෘගෙ හදිසි වියෝව ක්‍රිකට් ලොව කම්පාවට පත් කිරීමක් වූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති පැවසූයෙ ඕස්ට්‍රේලියාවට තවත් දක්ෂයෙක් අහිමි වූ බවයි.

තවද ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් , ඇනජලො මැතිව්ස් වැනි දෙස් විදෙස් ක්‍රීඩකයන් ඇන්ඩෘ සයිමන්ස්ගෙ වියෝව පිළිබදව තම බලවත් ශෝකය පලකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7