Cricket NewsEXCLUSIVEIPL

ඊළඟ තරඟයේ සිට භානුක රාජපක්ෂව නැවතත් Punjab Kings කණ්ඩායමට එක් කරන ලෙස ඉල්ලා ඉන්දීය ප්‍රෙක්ශකයන් සමාජ මාධ්‍ය සටහන් තබයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

එයිනුත් විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැඩි අසාධාරණයකට ලක් වූ භානුක රාජපක්ෂව Punjab Kings කණ්ඩායම විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගැනීමයි.

එහිදී Punjab Kings ක්‍රිඩා කල ප්‍රථම තරඟ තුන ක්‍රීඩා කිරීමේ අවස්ථාව භානුක රාජපක්ෂ ට හිමි වුණා.

සිය ප්‍රථම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දීම සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයට පණ පෙවූ භානුක රාජපක්ෂ පන්දු 22ක් තුළ ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා.අනතුරුව දෙවන තරගයේදී පන්දු 9කට වේගවත් ලකුණු 31ක් රැස් කිරීමට භානුක සමත් වු අතර තෙවන තරඟයේ ලකුණු 9ක් ලබා සිටියදී අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට ඔහු හසු වුනා.

අනතුරුව සිව් වන තරඟයේ සිට භානුක රාජපක්ෂගේ ස්ථානයට Jonny Bairstow පැමිණියා.

කෙසේ නමුත් ඔහුට ලැබුණු තරඟ 4 දී ම ඔහු අසාර්ථක වූවා. ඔහුට ලබා ගැනීමට හැකි වුයේ පිළිවෙලින් ලකුණු 8 / ලකුණු 12/ ලකුණු 12/ ලකුණු 9, ලෙසයි.

ඒ අනුව භානුක රාජපක්ෂ ඉවත් කළ තරග හතරෙන් තරග 3ක් පරාජයට පත්වීමට Punjab Kings කණ්ඩායමට සිදුවුණා.

මේ අතර ඊයේ තරඟයේ පරාජයත් සමග Punjab Kingsහි ඉන්දීය රසිකයන් විසින් භානුක රාජපක්ෂව නැවතත් කණ්ඩායමට එක්කර ගන්නා ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය සටහන් එක් කරමින් සිටිනවා.

හිදී ඔවුන් Punjab Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අනිල් කුම්බ්ලෙ මහතාටද දෝෂාරෝපණය කරන අතර කළමනාකාරිත්වය ගත් වැරදි තීරණ හේතුවෙන් මෙම තරග 3 පරාජයට පත්වීමට සිදු වූ බව ඔවුන් පවසනවා.

Punjab Kingsකණ්ඩායම ඊයෙ ලැබු පරාජය පිළිබඳ තැබූ සටහනකට පිළිතුරු වශයෙන් බොහෝ ඉන්දීය ක්‍රිකට් රසිකයන් සිය අදහස මෙලෙසින් සදහන් කර තිබුණා.

එයින් කිහිපයක් පහතින්

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button