Cricket NewsEXCLUSIVEInternational

“මගෙ තාත්තා කණ්ඩායෙමෙන් නිතර නින්දාවට පත් උන කෙනෙක්, කොන් උන කෙනෙක්” – දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක Makhaya Ntini ගැන ඔහුගෙ පුත් Thando Ntini කියන කතාව

තම පියා ජාතික කණ්ඩායම සමඟ තම අත්දැකීම් බෙදාහදා ගැනීමට වැඩි උද්යෝගයක් නොමැත්තේ ඔහුව ජාතිවාදය පදනම් කරගෙන කණ්ඩායම තුළ බැහැර කිරීම් සහ හුදකලා වීමට ලක් වූ නිසා බව තාන්ඩෝ හෙළි කලා.

ජනප්‍රිය දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක Makhaya Ntini පුත් Thando Ntini, තම පියා ජාතික කණ්ඩායම තුළ සිටි සමයේ ඔහු මුහුණු දුන් සිද්ධීන් ගැන ප්‍රකාශ කර තිබෙනවා. Makhaya Ntini යනු දේදුනු දේශය විසින් නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම වේග පන්දු යවන්නෙක්. 46 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 101කට, එක්දින තරග 173කට සහ විස්සයි20 තරග 10කට ක්‍රීඩා කර පිළිවෙළින් කඩුලු 390ක්, 266ක් සහ කඩුලු 6ක් දවාගෙන ඇත. ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඔහුගේ අවසන් තරගය ක්‍රීඩා කළේ 2011 ජනවාරි මාසයේදී මෝසෙස් මාබිදා ක්‍රීඩාංගණයේදීය.

දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා වන මකායා දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරඟ ජයග්‍රාහී කළ අතර රසිකයන්ගෙන් මෙන්ම ප්‍රවීණයන්ගෙන් පැසසුම් ලැබීය. කෙසේ වෙතත්, ඔහුට ලැබිය යුතු පිළිගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා ඔහුට විශාල කැපවීමක් සහ අධිෂ්ඨානයක් පෙන්වීමට සිදු විය. තම පියා ජාතික කණ්ඩායම සමඟ තම අත්දැකීම් බෙදාහදා ගැනීමට වැඩි උද්යෝගයක් නොදක්වන්නෙ ඔහු ජාතිවාදය පදනම් කරගෙන කණ්ඩායම තුළ බැහැර කිරීම් සහ හුදකලා වීමට මුහුණ දුන් නිසා බව ඔහුගෙ පුත් Thando Ntini පවසනවා.

“ඔහු සෑම දිනකම එම කණ්ඩායම තුළ තම ජීවිතය වෙනුවෙන් නිරන්තරයෙන් සටන් කලා. එහි සිටින එකම (කළු) පුද්ගලයා වූ ඔහුට මහත්වරුන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට කොපමණ වාරයක් ආරාධනා කළ දැයි පවා ඔහුගෙන් ඇසීම අපහසුය. මොකද එය අතේ ඇගිලි ගානටත් වඩා අඩු නිසා බව තන්ඩෝ කියා සිටියා.

පළමු පෙළ තරග 21 කට ක්‍රීඩා කර ඇති තාන්ඩෝ තමා ද වාර්ගික වෙනස්කම්වලට ලක්ව ඇති බව පැවසූ අතර වයස අවුරුදු 19 න් පහළ කඳවුරකට සහභාගී වීම පාහේ තමන්ට තහනම් කළ බව තන්ඩෝ සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
2
+1
1
+1
4
+1
10
+1
68

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button