Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League හි නිමේෂ ගුණසිංහගෙන් පීඩනය මැද සටන්කාමී ශතකයක්.!

මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් අතර මහනුවර පල්ලේකැලේ පැවති National Super League තරගය ඊයේ (20) ජය පරාජයකින් තොරව නිමාවට පත්වූවා.

මෙම මහනුවර සහ දඹුල්ල අතර පැවති National Super League සිව්දින තරගයේ අවසාන දිනය වූ අද විශේෂ සිද්ධීන් වුයේ දඹුල්ල ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ ලකුණු 102ක් රැස් කිරීමයි.

උදෑසන තරගය ආරම්භ කරන අවස්ථාවේ කඩුලු තුනකට ලකුණු 134ක් ලබාසිටි මහනුවර දෙවන ඉනිම කඩුලු 4කට ලකුණු 278 දක්වා දීර්ඝ කළේ දඹුල්ල පිලට කොහෙත්ම ළඟා විය නොහැකි ඉලක්කයක් සපයමිනි.

ජයග්‍රහණය සඳහා දඹුල්ලට දෙවන ඉනිමේ ලකුණු 506ක් රැස් කළ යුතු වූ අතර තරගය නිමාවන විට ඔවුන් කඩුලු හතරකට ලකුණු 213ක් ලබා සිටියේය.

මහනුවර දෙවන ඉනිමේ හොඳම සබඳතාවය වුයේ කමිඳු මෙන්ඩිස් සහ ළහිරු උදාර සිව්වන කඩුල්ලට එක් කළ ලකුණු 87 ය.

කමිඳු ලකුණු 88 ක් ලබා ගත් අතර ළහිරු උදාර ලකුණු 42ක් ලැබීය. මලින්ද පුෂ්පකුමාර නැවතවතාවක් ප්‍රබල පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 108කට කඩුලු පහක් ම දවාලමිනි.

දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිමේෂ ගුණසිංහ නොදැවී 102ක් සහ ලියෝ ෆ්‍රැන්සිස්කො ලකුණු 48ක් රැස් කරමින් පළමු කඩුල්ලට ලකුණු 101ක රැස් කළේය.

මහනුවර පළමු ඉණිම 446/10 (128.5)

ඕෂද ප්‍රනාන්දු 97,
කමිඳු මෙන්ඩිස් 94,
ළහිරු උදාර 83,
කමිල් මිෂාර 74,
ලසිත් කෲස්පුල්ලේ 43,

මලින්ද පුෂ්පකුමාර 120/7

දඹුල්ල පළමු ඉණිම – 216/10 (60)

අෂාන් ප්‍රියංජන් 73,
මිනෝද් භානුක 71,
ළහිරු සමරකෝන් 42,

අසිත ප්‍රනාන්දු 39/4,
අෂේන් ඩැනියල් 75/5

මහනුවර දෙවන ඉණිම – 278/9 (78.2)

කමිඳු මෙන්ඩිස් 88,
ඕෂද ප්‍රනාන්දු 63,
ළහිරු උදාර 42,
තීක්ෂිල ද සිල්වා 34,
සහන් ආරච්චිගේ 20,

මලින්ද පුෂ්පකුමාර 108/5

දඹුල්ල දෙවන ඉණිම – 213/4 (58.3)

නිමේෂ ගුණසිංහ 102*,
ලියෝ ෆ්‍රැන්සිස්කෝ 48,
ලසිත් අබේරත්න 26,

සහන් ආරච්චිගේ 61/2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button