Cricket NewsEXCLUSIVEWoman Cricket

කාන්තා ජාත්‍යන්තර විස්සයි-20 තරඟයක ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගනිමින් දිපිකා රසාංජලී පන්දු 66කදී ලකුණු 161ක් රැස් කරයි.!

කාන්තා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකා දීපිකා රසාංජලී අද සමත්ව තිබෙනවා.

මේ වනවිට බහරේන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දීපිකා අද පැවති තරගයකදී සෞදි අරාබි කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට එරෙහිව මෙම දක්ෂතාව දැක්වූවා.

එහිදී ඇය විසින් පන්දුරකින සෞදි අරාබි ක්‍රිඩිකාවන් තරඟ නරඹන්නන් බවට පත් කරමින් විශිෂ්ට පිතිකරණයක නිරත වූවා.

දීපිකා රසාංජලී නොදැවී ලකුණු 161 ක් රැස් කළ අතර ඒ සඳහා ඇය වැය කලේ පන්දු 66ක් පමණක් වීම විශේෂත්වයකි.

ඇයගේ මෙම සුපිරි ඉණිමට හතරේ පහරවල් 31ක් ඇතුළත් වුනා.

මෙම තරගයේදී පන්දු වාර 20 අවසානයේ බහරේන් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 318ක අති දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වු අතර එය කාන්තා ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවා.

එහිදී කණ්ඩායම් නායිකා තරංගා ගජනායක නොදැවී ලකුණු 94ක් රැස් කිරීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ලකුණු 9කට කඩුලු 3ක් බිඳ හෙලූ දීපිකා රසාංජලී තරගයේ වීරයා ලෙස ද සම්මානයට පාත්‍ර වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button