Cricket NewsEXCLUSIVEWorld Test Championship

ලකුණු 34ක් ලබා සිටියදී කේන් විලියම්සන් ලබා දුන් උඩ පන්දුව නිරෝෂන් දික්වැල්ල අත හරී – දික්වැල්ල අතහැ⁣රියේ ලෝක ටෙස්ට් ශූරතාවලියද ?

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ වෙන්කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ පස් වන සහ අවසන් දිනය මේ වන විට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙනවා.

උදෑසන පැවති වර්ශා තත්වය හේතුවෙන් අද තරඟය ආරම්භ වීම තරමක ප්‍රමදයකට ලක් වුනා.

කෙසේ නමුත් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය ආරම්භයේදි කඩුලු 9ක් දවා ගැනීමට අවශ්‍ය වී තිබු අතර ප්‍රභාත් ජයසුරිය පීඩනය නවසීලන්තය දෙස හරවමින් කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වුනා.

කෙසේ නමුත් අද තරඟයේ අතිශය තීරණාත්මක කඩුල්ලක් වන නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් ලකුණු 34ක් ලබා සිටියදී ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ලබා දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ලගේ අතින් අතහැරුනා.

මේ වන විටත් කේන් විලියම්සන් සාර්ථකව පිතිකරණයේ නියැලෙමින් සිටින අතර දික්වැල්ල මේ අතහැරියේ ලෝක ටෙස්ට් ශූරතාවලියද යන පැණය ප්‍රෙක්ශකයන් තුල ඉතිරිව පවතිනවා.

⁣එම සිදුවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button