Cricket NewsEXCLUSIVE

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟ බලාපොරොත්තු සුන් කරමින් නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව කඩුලු 2කින් පරාජය වෙයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වූ නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 2කක අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලක කණ්ඩායමට සිදු වුනා.

මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශුරතා සිහිනයද බොඳ වුවා.

තරඟයේ පස් වන සහ අවසන් දිනය වූ අද දිනයේ උදෑසන පැවති වර්ශා තත්වය හේතුවෙන් අද තරඟය ආරම්භ වීම තරමක ප්‍රමදයකට ලක් වුනා. ඒ අනුව අද දිනයේ ජයග්‍රහණය ලැබීම සඳහා නවසිලන්ත කණ්ඩායමට ලකුණු 257ක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවට කඩුලු 9ක් බිඳ හෙලීමටත් සිදු වූ අතර තමාට ලැබුණු අභියෝගය සර්තලව ජය ගනිමින් නවසීලන්තය තරඟය ජයග්‍රහණය කළා.

කේන් විලියම්සන් ලකුණු 34ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුව නිරෝෂන් දික්වැල්ල අතහැරීමෙන් නිසි ප්‍රයෝජන ගනිමින් නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක විශිෂ්ට ඉනිමක් දියත් කල නවසිලන්ත හිටපු නායක කේන් විලියම්සන් ලකුණු 121 රැස් කරමින් නවසිලන්ත ජයග්‍රහණයේ අඩිතාලම බවට පත් වුවා.

ඊට අනගි සහයක් දුන් Daryl Mitchell ලකුණු 81ක් ලබා ගත් අතර Tom Latham ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් සහ ප්‍රභාත් ජයසුරිය කඩුලු 2ක්, ලහිරු කුමාර සහ කසුන් රාජිත එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

මෙම ජයග්‍රහණයත් සමග තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක නවසීලන්තය සමත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 355/10

නවසිලන්ත පළමු ඉණිම – 373/10

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 302/10

නවසිලන්ත දෙවන ඉණිම – 285/8

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7