EXCLUSIVETrending Article

“ඔයා අපිට අලුත් නැ.. ඔයා දැන් අපේ කෙනෙක්” – නායක දසුන් ශානක, යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට දුන් විශ්වාසය ගැන ක්‍රිකට් රසිකයකු තැබූ අපුරු සටහන

දුනිත් වෙල්ලාලගේ, ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩෙබියු වෙලා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙනවා.

තාම වයස අවුරුදු 19යි. පන්දු යවද්දි, දුනිත්ට හතරේ පහරක් වැදුනා ගමන් කැප්ටන් දුනිත් ලඟට ඇවිත් ඔලුව අත ගාලා කරට අත දාගෙන දුනිත්ට උපදෙස් දෙනවා. එයාව දිරිගන්වනවා.

අන්තිමට දුනිත් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙනවා.

ලෝක පූජිත පිතිකරුවන් මේ පොඩි කොල්ලා ඉදිරියේ අසරණ වෙනවා. තරගාවලිය දින්නාට පස්සේ ජයග්‍රහණයට හිමි කුසලානය අරන් නායක දසුන් මුලින්ම ඒක දෙන්නේ වෙල්ලාලගේ අතට,

ඊට පස්සේ කන්ඩායම ප්‍රේක්ෂකයන්ට ස්තූති කරන්න ග්‍රවුන්ඩ් එක වටේ රවුමක් යනවා. ඒ වෙලාවෙත් කැප්ටන් දසුන් කප් එක අරන් ගිහින් දෙන්නේ දුනිත්ගේ අතට,

දුනිත්ට ටීම් එකේ හැමෝම මාර ආදරෙයි. කෝච් මාලිංග තරගාවලිය ඉවර වෙලා එයාට අමතක නොවන තෑග්ගක් පවා දුන්නා.

දසුන් නායකයෙක් විදිහට මේ පොඩි කොල්ලාට මාර මොරාල් එකක් දෙනවා. ප්‍රෙෂර් සිටුවේෂන් හැඩ්ල් කරන්න දුන්නා.
ඒ අත්දැකීම ජාත්‍යන්තර පිටියේ එයාට දුන්නා.

හැබැයි තනි කරේ නෑ..නායකයා විදිහට දසුන් එයා ලගින්ම හිටියා.තරගාවලිය පුරාම දුනිත්ට බවුන්ඩ්‍රියක් වැදුනු ගමන් දසුන් ලගට ඇවිත් දුනිත්ට ශක්තියක් වුනා.

ඒ සේරම ඉවර වෙලා කප් එක අතට ගත්තු වෙලාවේ පවා මුලින්ම කප් එක දෙන්නේ දුනිත්ගේ අතට,අවුරුදු ගානක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් ඉද්දි තරගාවලියේ වීරයා වෙච්චි අය ඉද්දි කැප්ටන් කප් එක දෙන්නේ මේ පොඩි කොල්ලා අතට,

ඉතිං මේක හරි පොඩි දෙයක් වගේ අපිට පේනවා ඇති,

හැබැයි මේ පුංචි කොල්ලාට ඩෙබියු සීරිස් එකේම කැප්ටන් කෙනෙක් විදිහට දස්සා මෙයාට මාර මොරාල් එකක් දෙනවා.
එයාගේ රෝල් එක එයාට පැහැදිලි කරලා වැටුනු වෙලාවේ එයා ලගින් ඉදලා තරගාවලිය ඉවර උනාට පස්සෙත් ” ඔයා අපිට අලුත් නැ.. ඔයා දැන් අපේ කෙනෙක් ” කියන හැගීම හොදටම මේ අලුත් ප්ලෙයර්ගේ ඇගට දැනෙන්න කැප්ටන් ඒත්තු ගන්වනවා.

ඉතිං මේ වගේ දේවල් නිසා තමයි මං දසුන් ශානක කියන නායකයාට මෙච්චර කැමති..

– Rishie Bro තැබූ සටහනක් ඇසුරුණි. ඔහුගේ Facebook පිටුවට පිවිසීමට Click කරන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7