Cricket NewsEXCLUSIVEWoman Cricket

එක්දින සහ විස්සයි-20 තරඟාවලියක් සඳහා Smriti Mandhana ඇතුළු ඉන්දීය ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පැමිණෙයි.!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත එක්දින සහ විස්සයි-20 ඉන්දීය කාන්තා කණ්ඩායම් මිට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඉන්දීය කාන්තා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකේම නායකත්වය Harmanpreet Kaurට හිමිව ඇත. කණ්ඩායමේ උපනායකත්වයට පත්ව සිටින්නේ Smriti Mandhanaය.

Harmanpreet Kaur ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය දරමින් සිටින අතර හිටපු නායිකා මිතාලී රාජ්ගේ විශ්‍රාම යෑමත් සමගින් එක්දින කණ්ඩායමේ නායකත්වයද ඇයට හිමි වූවාය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට ඉන්දීය කාන්තා කණ්ඩායමක්‍රීඩා කිරීමට නියමිත අතර මෙම මස 23, 25 සහ 27 යන දිනයන්හිදී තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය දඹුල්ලේදී පැවැත්වෙන අතර ලබන මස 1, 4 සහ 7 යන දිනයන්හිදී තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේදී පැවැත්වේ.

ඉන්දීය ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

01

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button