Cricket NewsEXCLUSIVEInternational

පැතුම්ගේ ආබාධය උඩුදිවීමත් සමඟින් නිශාන් මධුශ්කට අද ජගත් එක්දින වරම් !

 

ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නිමාව දුටු කොදෙව් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ආබාධයක් සමඟින් ක්‍රීඩා කල බව නායක චරිත් අසලංක අවසන් තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියා.

කෙසේ නමුත් එක්දින සංචිතය තුලද ඇතුලත්ව සිටි පැතුම් ගේ ආබාධ තත්වය තරමක් වර්ධනය වී ඇති අතර අද තරඟය ක්‍රීඩා කිරීමට තරම් උචිත ශරීර යෝග්‍යතාවයකින් ඔහු පසු නොවන බව සඳහන්.

ඒ අනුව පැතුම්ගේ ආදේශනය ලෙසින් නිශාන් මධුශ්ක අද එක්දින වරම් දිනාගන්නට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button