Cricket NewsEXCLUSIVEPremier League

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිමේ හා LPL තරඟාවලි කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් මතීශ පතිරණ MLC තරඟාවලියෙන් ඉවත් වෙයි!

මේ දිනවල පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ඇමෙරිකානු MLC විස්සයි විස්ස ලීගය සඳහා Seattle Orcas කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටි බව සඳහන්.

කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී නම්කල ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයටත්,ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ මූලික සංචිතයටත් නම් කල ඔහු එම MLC තරඟාවලියෙන් ඉවත්ව තිබෙන අතර ඒ එළඹෙන පන්දුවාර 50 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කෙරෙහි අවධානය යොමුකිරීමේ අරමුණින් මතිෂ පතිරණ ඉවත්ව තිබෙන බව අද පෙරවරුව වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග රැසක් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
1
+1
1
+1
1
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button