Cricket GossipEXCLUSIVE

පැතුම් නිස්සංක යහපත් ශරීර යෝග්‍යතාවයකින් ! අබාධයකට ලක්වූ බවට පැතිර යන කටකතා අසත්‍යක් !

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එස්සීසී පිටියේ පැවැති පුහුණු සැසියක් අතර තුර ආබාධයකට ලක්වූ බව සඳහන් පුවතක් අද පෙරවරුවේ වේගයෙන් සංසරණය විය.කෙසේ නමුත් මීට පෙරද අවස්ථා කිහිපයකදී ආබාධ හේතුවෙන් නිස්සංකට තරඟාවලි කිහිපයක් අහිමිවද්දී එලබෙන ඇෆගන් එක්දින තරඟාවලියට ඔහුගේ එක්වීම පිළිබඳවද ඇතිවූයේ ප්‍රශ්නාර්ථයක් .

නිමාවදුටු අයර්ලන්ත සංචාරයේදීද කණ්ඩායම සමඟින් එක්නොවූ නිස්සංක අබාධයකට ලක්වූ බවට පැතිර යන පුවත් අසත්‍ය බව අසන්නට ලැබෙන අතර කෙසේ නමුත් කුසල් පෙරේරාට ආබාධයක් හේතුවෙන් එළඹෙන තරඟාවලිය අහිමිවනු ඇති නමුත් නිස්සංකට එවැනි අවධානමක් නැති බවයි වාර්ථා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7