Cricket NewsEXCLUSIVE

“තේරිම් කමිටුව සහ කණ්ඩායමේ කළමනාකාරීත්වය නිවැරදිව තීරණ ගත් දිනක ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායමක් හදාගන්න පුළුවන්” – ඉන්දීය හිටපු පුහුණුකරු Woorkeri Raman කියයි.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි -විස්ස තරඟාවලිය 3-0ක් ලෙස දැවැන්ත තරගාවලි පරාජයකට පසුගියදා මුහුණ දුන්නා.

ඉන්දීය තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සහභාගි වූ තරග පහකින් සමන්විත විස්සයි-20 තරගාවලිය ද 4-1ක් ලෙස පරාජයට පත් වූවා.

මේ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු Woorkeri Raman මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ක්‍රිකට් ආයතනයක් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එහිදී විශේෂ සටහනක් සිය නිල ට්විටර් ගිණුමට එක් කරමින් ඒ මහතා සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දක්ෂයින් සිටින බවත් තේරීම් කමිටුව සහ කණ්ඩායම් කළමනාකාරීත්වය නිවැරදි තීන්දු ගත් දිනක සුපිරි කණ්ඩායමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙන බවත්ය.

ඒ මහතා තබන ලද විශේෂ පණිවිඩය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button