Cricket NewsEXCLUSIVEInternational

පකිස්තානය හා ඔස්ට්‍රේලියාව බිඳ වීමට ඇශ්ටන් ඒගාර් ගේ බිරිඳට ඉන්දියානුවෙක් කළ දේ නිසා කලු පැල්ලමක් එක් වේ.!

1998 වසරෙන් වසර 24 කට පසු පකිස්තානයේ තරඟ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට ඉන්ස්ටග්‍රම් ගිණුමක් ඔස්සේ ත -ර්ජන සිදු කිරීමත් සමඟින් තරඟාවලිය ආරම්භ වීමටත් පෙරාතුව විශාල කළුපැල්ලමක් ඒ සඳහා එක්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්ගේ බිරිඳ වන මැඩලීන්ට මේ ආකාරයෙන් පසු ගියදා ත -ර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

මාර්තු 4 වැනිදා තරඟාවලිය ආරම්භ වීමට නියමිත වේ.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) අනෙකුත් කණ්ඩායම් සඳහාද සංචාරය කරන්නට පකිස්තානය සුදුසු ස්ථානයක් බවට පූර්වාදර්ශයක් ලබා දීම සඳහා මෙවර සංචාරය සත් සත්කාරකත්වය ලබා දෙනබව සඳහන් ය.

මේ අතර ඇශ්ටන් ඒගාර් සම්බන්ධයෙන් PCB සහ ක්‍රිකට් ඔස්ට්‍රේලියා වෙත කරුණු වාර්තා කර ඇති අතර පසුව පරීක්ෂණයක් පවත්වන ලදී.

Sydney Morning Herald සහ The Age වාර්තා කරන පරිදි, ත -ර්ජනයට ලක් වූයේ Agar බව කණ්ඩායමේ ප්‍රකාශකයෙකු තහවුරු කර සිටියේ මීට දිනකට පමණ පෙරය.

කෙසේ වෙතත්, මෙම ත -ර්ජනය විශ්වාස කළ නොහැකි බවත් ව්‍යාජ ඉන්ස්ටග්‍රෑම් ගිණුමකින් යවා ඇති බවත් එය ඉන්දියාවෙන් විය හැකි බවත් මේ සඳහා පරීක්ෂණයක් සිදු කරන්නට පත් කර හැකි නිලධාරීන් කණ්ඩායම සඳහන් කර ඇත.

මීට පෙරාතුවද නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල්ටද මේ ආකාරයෙන් ත -ර්ජනයක් ඉන්දියාවෙන් සිදු කර තිබුණි.

එම පණිවිඩය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7