Cricket NewsEXCLUSIVE

“ඊලඟට තියෙන මැච් දෙකම දිනලා, ෆයිනල් එකත් දිනලා, ආසියානු කුසලානෙ අරන් ලංකාවට යන එක තමයි අපේ ලොකුම බලාපොරොත්තුව” – මහිෂ් තීක්ෂණ

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ⁣මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4s තරඟ වටය ආරම්භ වීමත් සමගයි.

Super 4s තරඟය වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් පළමු වටයේදි ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලැබු අමිහිරි පරාජයේ වේදනාව මකා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග Super 4s වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුයෙ ශ්‍රී ලංකා නායක දසුන් ශානක වැඩිම විස්සයි-20 තරඟ ප්‍රමාණයකදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවු නායකයා බවට පත්කරමිනි.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවට එක් වෙමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ සඳහන් කර සිටියේ තම කණ්ඩායමේ බලාපොරොත්තුව ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහිෂ් තීක්ෂණ,

“පළවෙනි තරගයේ අපි 104යි ගැහුවේ, නිකන්ම පරාදවුණ නිසා මේ තරගය කොහොමහරි ජයග්‍රහණය කරන එක ගොඩක් ඔලුවෙ තිබ්බා. කණ්ඩායමම ආවේ අන්තිම පන්දුව වෙනකම් සටන් කරලා කොහොමහරි මේ තරගය ජයග්‍රහණය කරලා යන්න තමයි.

අපි තරගයෙන් තරගයට තමයි සැලසුම් කරන්නේ, මේ තරගයෙන් හොද ආත්ම විශ්වාසයක් සහ ධනාත්මක දේවල් ඉදිරියට අරගෙන, වුණ වැරදි හදාගෙන අපේ දක්ෂතාවයන්ට අනුව ඊළග තරගය ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕනේ ලෝකයේ හොදම පන්දුරැකීමේ කණ්ඩායම වෙන්න, එතකොට අපිට පුලුවන් ලකුණු අඩු කරලා පන්දුයවන්නන්ට උපරිම සහයෝගය දෙන්න.

ඔවුන්ගේ හොද පන්දුයවන්නන්ට අපේ අය ඉතා හොදින් පිතිකරණයේ යෙදිලා තමයි මේ තරගය ජයග්‍රහණය කළේ. අයි.පී.එල් තරගාවලියෙන් අත්දැකීම් ගොඩක් ලැබුණා. අපේ ලොකුම බලාපොරොත්තුව තිබෙන්නේ ඊළග තරග දෙකත් ජයග්‍රහණය කරලා, අවසන් තරගයක් කෙසේ හෝ ජයග්‍රහණය කරලා ආසියානු කුසලානය ලංකාවට අරගෙන යන්න තමයි.”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button