Cricket NewsEXCLUSIVE

“අපි පළමු තරගයේදී ලකුණු 105 කට දැවී ගියා, අපට අවශ්‍ය වෙලා තිබුණා අපි ඒ තරම් දුර්වල කණ්ඩායමක් නෙමෙයි කියලා අපේ ක්‍රීඩාලෝලීන්ට පෙන්වන්න” – භානුක රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ⁣මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4s තරඟ වටය ආරම්භ වීමත් සමගයි.

Super 4s තරඟය වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් පළමු වටයේදි ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලැබු අමිහිරි පරාජයේ වේදනාව මකා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග Super 4s වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුයෙ ශ්‍රී ලංකා නායක දසුන් ශානක වැඩිම විස්සයි-20 තරඟ ප්‍රමාණයකදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවු නායකයා බවට පත්කරමිනි.

මෙම තරඟයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කල ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 14ක් තුල වේගවත් ලකුණු 31ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය අසලටම ගෙන ඒමට සමත් වූ අතර තරඟයෙන් අනතුරුව භානුක මෙලෙස මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

“තණතීරුව පිතිකරණයට හොද තත්වයක තිබුණා. අපි ඔවුන්ගේ දගපන්දු යවනන් පිළිබඳව අවධානයෙන් යුතුව ක්‍රීඩා කළ යුතුව තිබුණා. IPL තරග වලදී මම අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මම අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කරනවා. මෙම අනුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. මම එයට කැමතී. අපි පළමු තරගයේදී ලකුණු 105 කට දැවී ගියා. අපට අවශ්‍ය වෙලා තිබුණා අපි ඒ තරම් දුර්වල කණ්ඩායමක් නෙමෙයි කියලා අපේ ක්‍රීඩාලෝලීන්ට පෙන්වන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7