Cricket NewsEXCLUSIVE

පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දි දශක ගණනාවක ශ්‍රී ලංකා ක්‍රිකට් හි ගෞරවය රැකගත් පැතුම් නිස්සංකගේ විශිෂ්ට ඉණිම.!

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අද UAE සමග පැවැත්වෙන තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත් වී තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයෙන් පමණක් සෑහිමකට පත්වීමට හැකියාව ලැබෙන්නේ නැහැ, දළ ලකුණු ලබාගැනීමේ වේගය ද ඉහළ තැනකට රැගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනවා.

කාසියේ වාසිය දිනු UAE හි ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලකාව වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක නැවතත් ශ්‍රී ලංකා ඉණිමේ ගැලවුම්කරුවා බවට පත් වෙමින් ලකුණු 74ක් රැස් කළා. ඔහුගේ ඉණිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.

ධනන්ජයද සිල්වා ලකුණු 33ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 18ක් රැස් කළා. අන් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකුට ලකුණු 10යේ සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුනේ නැහැ.

තරඟයේ සජීවී ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button