Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය,වර්තමානය සහ අනාගතය ගැටෙන ඓතිහාසික දිනය අදයි.!

අද දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දිනයක් බවට පත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය, වර්තමානය සහ අතීතය යන කාල පරාසයන් ත්‍රිත්වයම නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම් අද දිනයේදි තරඟ බිමට පිවිසීමට නියමිත බව හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ලෙසින් හැඳින්වෙන දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම මෙවර යොවුන් ලෝක කුසලානයේ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද සවස 6.30ට තරඟ බිමට පිවිසීමට නියමිතය.

ඔවුන් මෙවර යොවුන් ලෝක කුසලාන ගමන් මගෙහි අපරාජිතව රැඳී සිටින අතර ප්‍රසාද ලකුණු සටහනෙහිද ප්‍රථම ස්ථානයේ මේ වන විට රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානය ලෙසින් අප හඳුන්වන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. දසුන් ශානකගේ නායකත්වය යටතේ තරඟ වදින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද සවස 2.30ට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසීමට නියමිතය.

ඔවුන් සිම්බාබ්වේ තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයේ පසුවන අතර අද පැවැත්වෙන්නේ තීරණාත්මක අවසන් තරගයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතීතය ලෙසින් අප හදුන්වන්නේ මෙවර Legends League තරඟාවලියේ තිලකරත්න ඩිල්ශාන්, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, නුවන් කුලසේකර, චමින්ද වාස් වැනි පුරාවෘත්ත තරඟ වදින Asia Lions කණ්ඩායමයි.

අද දිනයේදී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ඒශියා ලයන්ස් කණ්ඩායම අද රාත්‍රී තරඟ වැදීමට නියමිතය.

ඔවුන් ඊයේ ඉන්දියා මහරාජාස් කණ්ඩායම සමග තරඟ වැදුනු අතර ඉන් ජයග්‍රහණය කිරීමට ඉන්දියා කණ්ඩායම සමත් වීමත් සමග තරඟාවලියේ පෙරමුණ ගැනීමේ අපේක්ශාවෙන් ඒශියා ලයන්ස් තරඟ කිරීමට නියමිතය.

මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය, වර්තමානය සහ අතීතය යන ත්‍රිත්වයම පිටියේ ගැටෙන අද දිනය මෙරට ක්‍රිකට් ලෝලින්ට අමතක නොවන ජයග්‍රාහී දිනයක් වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button