Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා, දුෂ්මන්ත චමිර ආසියානු කුසලානය සඳහා ක්‍රිඩා කිරිම අවිනිශ්චිත වෙයි.!

ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය නිළ වශයෙන් ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරඟයෙයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දුයවන්නා වන දුෂ්මන්ත චමිර ආසියානු කුසලානය සඳහා ක්‍රිඩා කිරිම අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ දුෂ්මන්ත චමීරගේ වළලුකරේ ඇතිවූ ආබාධය තවමත් සුව වී නොමැති වීම හේතුවෙනි.

ඒ අනුව එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා ඔහුගේ සහභාගී වීම අවිනිශ්චිත වීම හේතුවෙන් ඔහුගේ ස්ථානයට පැමිණෙන වේග පන්දු යවන්නා පිළිබඳ ප්‍රශ්නාර්තයක් මතු වී තිබෙන අතර සංචිතයේ සිටි බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධ තත්ව⁣ය හේතුවෙන් ඉන් ඉවත් කර ප්‍රමෝද් මදුශාන් සහ අසිත ප්‍රනාන්දු කැඳවනු ලැබුවා.

එමෙන්ම මතීෂ පතිරණ, ඩිල්ශාන් මදුශංක වැනි ක්‍රිඩකයන්ද සංචිතයේ සිටියත් මෙම කිසිදු ක්‍රිඩකයෙක් තවමත් විස්සයි-20 වරම් හිමි කරගෙන නොමැත.

තත්වය එකේ වුවහොත් ආසියානු ක්‍රිකට් බලවතුන් ගැටෙන ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු විස්සයි-20 වරම් හිමි කරගනු ඇත.

කෙසේ නමුත් දුෂ්මන්ත චමීර⁣ ඉතා ඉක්මනින් ආබාධ තත්වයෙන් සුවය ලබා ක්‍රිඩා පිටියට පැමිණියහොත් ඉහත ප්‍රශ්න පැන නොනගිනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7