Cricket NewsEXCLUSIVELPL

චාමික කරුණාරත්නගේ සටන්කාමී සුපිරි උත්සහය අපතේ යවමින්, Jaffna Kings අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා Dambulla Giants කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවති Qualifier 02 තරඟය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රභල Jaffna Kings කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුනා.

Dambulla Giants කණ්ඩායමේ නිත්‍ය නායකයා වන දසුන් ශානක පසුගිය තරඟයක දී ඇතිවූ ආබාධය හේතුවෙන් අද තරඟ⁣යට ද ක්‍රීඩා නොකළ අතර නායකත්වය දරනු ලැබුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසිනුයි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dambulla Giants නායක නිරෝෂන් දික්වැල්ල ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

එම අභියෝගය සාර්ථකව භාරගත් Jaffna Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වුනා.

Jaffna Kings කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගූ අතර ඉතා විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු සිය මංගල T20 ශතකය මෙන්ම මෙවර LPL 2021තරගාවලියේ ප්‍රථම ශතකය ද වාර්තා කරමින් පන්දු 64ක් තුල ලකුණු 100ක් වාර්තා කිරීමට සමත්වුණා.

ආරම්භයේ පටන්ම අවිශ්කට අනගි සහයක් ලබා දුන් Rahamanullah Gurbaz වේගවත් ලකුණු 70ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 211 ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Dambulla Giants පිතිකරුවන්ට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 187ක් පමණයි.

අවසන් මොහොත දක්වා තරඟය අත් නොහරිමින් සටන් කළ චාමික කරුණාරත්න ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 47ක් තුල නොදැවී සටන්කාමි ලකුණු 75ක් රැස් කළත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුයේ නැහැ.

Phill Salt ලකුණු 22ක් රැස් කළ අතර Najibullah Zadran ලකුණු 21යි.

මෙම තීරණාත්මක Qualifier 02 තරඟයේ ජයග්‍රහණයත් සමඟින් අනිද්දා(23) දින සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අති උත්කර්ෂවත් අයුරින් Galle Gladiators කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම් අතර රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7