Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් හේෂා විතානගේට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා එහි වගකිවයුත්තන් හට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හට අධිකරණ වාරණ නියෝගයක් පනවා තිබේ.

ඒ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබෙන අතර එහි සඳහන්වන්නේ

“වර්ෂ 2022 ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගවලිය ආශ්‍රිතව සිදු වී ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද විශේෂ විගණනයනට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යංශය වෙත පමණක් නිකුත් කරනු ලැබූ විශේෂ විගණන කෙටුම්පත මාධ්‍යය මගින් එළිදරවු කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විරුද්ධව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියා කරන සියලු දෙනාට ඉහත කී විගණන කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් හේෂා විතානගේ මහතා හට වාරණ නියෝගයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මහජනතාවට දන්වා සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය DMR 1435/23 යටතේ මෙම අධිකරණමය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ මෙතෙක් අවසන් කර නොමැති විගණකාධිපතිවරයා විසින් සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පත් විගණන වාර්තාවක් පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අරභයා දිගින් දිගටම සිදු කරන ලද ද්වේශ සහගත සහ අවමන් සහගත ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි.”

යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button