Cricket NewsEXCLUSIVELPL

තෙවරක් ශූරයින් වූ Jaffna Kings මෙවර LPL තරඟාවලිය ජයග්‍රාහීව අරඹයි ! කොළඹ පරදා යාපනයට ලකුණු 21 ක ජයක් !

අද ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණේ Colombo strikers හා Jaffna Kings කණ්ඩායම් අතරයි.තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers නායක නිරෝශන් දික්වැල්ලගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි Jaffna kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කලේ ලකුණු 173 ක් ලබාගනිමින්.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Towhid Hridoy ලකුණු 54 ක් රැස් කලේය.දුනිත් වෙල්ලාලගේ ලකුණු 25 ක් රැස් කරද්දී ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී colombo strikers වෙනුවෙන් නසීම්,මතීශ,චාමික හා සඳකැන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය Colombo strikers කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 21 ක් පමණයි.මෙවරත් lpl තරඟාවලිය සාර්ථකව ඇරඹූ නායක දික්වැල්ල පන්දු 34 කදී ලකුණු 58 ක් රැස් කලේය.චාමික කරුණාරත්න ලකුණු 23 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු නොකලේය.

සාර්ථක පන්දු යැවීමක නිරතවූ Hardus Viljoen කඩුලු 3 ක් බිඳ හෙලද්දී විජේකාන්ත් වියස්කාන්ත් හා ඩිල්ශාන් මදුශංක අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව තරඟය ලකුණු 21 කින් ජයගන්නට Jaffna Kings කණ්ඩායම සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7