Cricket NewsEXCLUSIVE

දසුන්ගේ සහ චාමිකගේ විශිෂ්ට පිතිකරණය අපතේ යවමින් තියුණු තරඟයක් අවසානයේ ඉන්දියාව ලකුණු 2ක තියුණු ජයක් හිමි කර ගනී.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් අද පැවති පළමු විස්සයි-20 තරඟයෙන් තියුණු තරඟයක් අවසානයේ ලකුණු 2කක තියුණු ජයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් ⁣පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වූ අතර ඉන්දීය ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ Hooda ලකුණු 41ක් රැස් කල අතර ඉශාන් කිශාන් ලකුණු 37ක් සහ Axar Patel ලකුණු 31ක් බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී ඩිල්ශාන් මදුශංක, මහීෂ් තීක්ශන, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ ධනංජය සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අනතුරුව ලකුණු 162ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 160ක් පමණයි. අවසන් පන්දුව තෙක් ඇදී ගිය මෙම තරඟය තියුණු සටනක් අවසානයේ ඒ අනුව ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලභියා වූ නායක දසුන් ශානක පන්දු 27ක් තුල ලකුණු 45ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 28ක් සහ අවසන් මොහොතේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමේ බර තනිව කරට ගත් චාමික කරුණාරත්න ලකුණු 23ක් රැස් කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම 1-0ක් ලෙස තරඟාවලිය පෙරමුණ ගැනීමට සමත් වු අතර දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි-20 තරඟය එළඹෙන ජනවාරි 5 වන දා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7