Cricket NewsEXCLUSIVEInternational

පැතුම් නිශ්ශංක එක්දින ශ්‍රේණිගත කිරීම්වල හොඳම 10 දෙනා අතරට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) අනුව, පැතුම් නිශ්ශංක පළමු ස්ථාන 10 අතරට පැමිණියේ ස්ථාන තුනකින් ඉහළ යාමෙන් පසුව අටවැනි ස්ථානයේ ය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් අනතුරුව පිතිකරුවන් සඳහා වන නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථානය ඉහළට.

පැතුම් නිශ්ශංක ලකුණු 151ක් රැස්කළ අතර එම තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශයට හිමිවිය.

මේ අතර නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානය දක්වා පැමිණ තිබේ.

අසලංක ඉනිම තුනකදී ලකුණු 146ක් රැස්කරමින් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබේ.

ICC හි නවතම T20I ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ පළමු පස් දෙනා අතරට පැමිණ සිටිති.

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 687ක් ලබා ගනිමින්.

දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ලකුණු 659ක් ලබා ගනිමින් පස්වැනි ස්ථානයට පත්ව තිබේ

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button