Cricket NewsEXCLUSIVE

කුමාර් සංගක්කාරගේ සහ TM ඩිල්ෂාන්ගේ වාර්තා ද්විත්වයක් අභිබවමින් පැතුම් නිස්සංක නව වාර්තා පිහිටුවයි.!

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ලෝක විස්සයි-20 ශ්‍රෙණිගත කිරීම්හි ඉහළින්ම රැඳි සිටින පිතිකරුවා බවට මේ වන විට පත් වී ඇත්තෙ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකයි.

ඔහු මේ වන විට විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 9වන ස්ථානයේ රැඳී සිටිනවා

සිය පලමු ජාත්‍යන්තර විස්සයි-20 තරඟ 20 තුලදී ශ්‍රි ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ‍රැස් කරගත් පිතිකරු බවට පැතුම් නිස්සංක සමත් වුනා.

ඒ අනුව පැතුම් නිස්සංක සිය පලමු ජාත්‍යන්තර විස්සයි-20 තරග 20 තුල ලකුණු 598ක් රැස් කර ගැනීමට සමත්ව සිටිනවා.

මීට පෙර මේ වාර්තාවට හිමිකම් කිව්වේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි. සංගා තමන්ගේ පලමු විස්සයි-20 තරග 20 තුල ලකුණු 576ක් රැස් කර ගත්තා.

ඒ වගේම සිය පලමු විස්සයි-20 තරග 20 තුල ලකුණු 30කට වැඩි ඉනිම් වැඩිම ගණනක් දියත් කළ ශ්‍රි ලංකා පිතිකරුවා බවට පත් වෙන්නත් පැතුම් නිස්සංක සමත් වුනා.

නිස්සංක තමන්ගේ පලමු විස්සයි විස්ස තරග 20 තුල ලකුණු 30ට වැඩි ඉනිම් 10ක් ක්‍රිඩා කර තියෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුමේ මෙරටින් බිහි වූ සුපිරි ආරම්භක පිතිකරුවකු වන තිලකරත්න ඩිල්ශාන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button