Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 610ක වැටු­පක් ලබා­දෙන පාකි­ස්තාන ප්‍රධාන ක්‍රිකට් පුහු­ණු­කරු තන­තුර ෂේන් වොට්සන් ප්‍රති­ක්ෂේප කරයි.

වස­ර­කට අ‌ෙම­රි­කානු ඩොලර් මිලි­යන 20ක (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 610ක) වැටු­පක් ලබා­දෙන බව පවසා පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය ප්‍රධාන ක්‍රිකට් පුහු­ණු­කරු තන­තුර භාර ගන්නා ලෙස කළ ඉල්ලීම ෂේන් වොට්සන් ප්‍රති­ක්ෂේප කරයි. පාකි­ස්තාන ක්‍රිකට් ඉති­හා­සයේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන පුහු­ණු­කරු බවට ෂේන් වොට්සන් පත්වී­මට ඔන්න මෙන්න තිබි­යදී ඔහු මෙම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කිරීම විශේ­ෂ­ත්ව­යකි.

හිටපු ඕස්ට්‍රේ­ලි­යානු තුන් ඉරි­යව් ක්‍රීඩක ෂේන් වොට්සන් හා පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය අතර පැවැති සාක­ච්ඡාවේ තොර­තුරු මාධ්‍ය­ව­ලට කාන්දු වීමත් සමඟ පාකි­ස්තාන ක්‍රිකට් පාලක මණ්ඩ­ල­යට ඔහු දන්වා ඇත්තේ ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලිය හේතු­වෙන් පාකි­ස්තාන ක්‍රිකට් පුහු­ණු­කරු තන­තුර භාර ගැනී­මට නොහැකි බවය. එබැ­වින් එම තන­තුර සඳහා සුදුසු වෙනත් අයෙකු පත් කර­ගන්නා ලෙස වොට්සන් දැනුම්දී ඇත.

පාකි­ස්තා­නයේ පැවැති සුපර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ක්වෙට්ටා ග්ලැඩි­යේ­ටර් කණ්ඩා­යම පුහු­ණු­ක­රන අත­ර­තු­රේදී වොට්සන්ට පුහු­ණු­කරු ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීම ලැබී ඇත. එහිදී වොට්සන් කැමැත්ත පළ­කොට පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය සමඟ සාක­ච්ඡා­වට කිහි­ප­යක් පවත්වා තිබේ. පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය කොන්දේසි කිහි­ප­යක් ගැන දීර්ඝව සාකච්ඡා කළ බවත්, ඔහුගේ වැටුප පිළි­බඳ විස්තර පාකි­ස්තා­නයේ මාධ්‍ය වෙත හෙළි­වීම ගැන අස­තු­ටට පත්ව ඇති බවත් පාකි­ස්තාන මාධ්‍ය වාර්තා කළේය.

පාකි­ස්තා­නය විදේ­ශීය පුහු­ණු­ක­රු­වෙකු බඳවා ගැනීමේ අපේ­ක්ෂා­වෙන් ඩැරන් සැමී හා ෂේන් වොට්සන් යන දෙදෙනා පිළි­බ­ඳව සාකච්ඡා කර ඇති අතර, බට­හිර ඉන්දීය කොදෙව් එක්දින හා විස්සයි 20 කණ්ඩා­ය­ම්වල පුහු­ණු­කරු වන බැවින් සැමී එම යෝජ­නාව ප්‍රති­ක්ෂේප කළේය.

පසු­ගිය නොවැ­ම්බර් මාසයේ පැවැති ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් පසු ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් ප්‍රධාන පුහු­ණු­කරු තන­තු­රෙන් ඉවත් කිරී­මෙන් පසු පාකි­ස්තාන පුහු­ණු­කරු තන­තුර පුර­ප්පාඩු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7