Cricket NewsEXCLUSIVE

ලෝ ප්‍රකට Wisden ක්‍රීඩා සඟරාව විසින් නම් කළ වයස අවුරුදු 25ට අඩු ලොව හොඳම ටෙස්ට් ක්‍රීඩකයන් 11 අතරට පැතුම් නිස්සංක නම් වෙයි.!

ලොව ප්‍රකට Wisden ක්‍රීඩා සඟරාව විසින් වයස අවුරුදු 25ට අඩු, 2021 වසරේ සුපිරි දස්කම් දැක්වූ ලොව පුරා ටෙස්ට් ක්‍රීඩකයන් අතුරින් විශිෂ්ටතම ක්‍රීඩකයන් 11 දෙනාගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට පසුගිය දා කටයුතු කර තිබුනා.

මෙම කණ්ඩායම සඳහා පිතිකරුවන් 6ක් වේග පන්දු යවන්නන් 3ක් සහ දඟපන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ අනුව Wisden ක්‍රීඩා සඟරාව විසින් නම් කර තිබෙනවා.

එමෙන්ම මෙම කණ්ඩායම සඳහා Wisden සඟරාව ලොව ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 8කින් ක්‍රීඩකයින් තෝරාගෙන ඇති අතර, ඉන්දියා, පකිස්තාන්, බටහිර ඉන්දීය කොදෙව් රටවල් වලින් ක්‍රීඩකයින් 2 බැඟින් හා ශ්‍රී ලංකාව , ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා ඕස්ට්‍රේලියාවෙන් එක් ක්‍රීඩකයෙකු බැඟින් මෙම කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා.

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක මෙලෙස Wisden සඟරාව විසින් නම් කරන ලද වයස අවුරුදු 25ට අඩු, 2021 වසරේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් 11 දෙනාගේ කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා.

Wisden සඟරාව විසින් නම් කළ අවුරුදු 25ට අඩු, 2021 වසරේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් 11 දෙනාගේ කණ්ඩායම පහතින්,

Abdullah Shafique – Pakistan
Shubman Gill – India
Pathum Nissanka – Sri Lanka
Ollie Pope – England
Cameron Green – Australia
Rishabh Pant – India
Joshua Da Silva – West Indies
Marco Jansen – South Africa
Mehidy Hasan Miraz – Bangladesh
Shaheen Afridi – Pakistan
Jayden Seales – West Indies

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7