Cricket NewsEXCLUSIVEInternational

නිවසට බරක් නොවී සිය ක්‍රිකට් සිහිනය හඹා යාම සඳහා වයස අවුරුදු 15 දී නිවසින් ගිය Mumbai Indians සුපිරි වමත් පිට දඟපන්දු යවන්නා කුමාර් කාර්තිකේයා වසර 9කට පසු යලිත් තම නිවසට පැමිණෙයි.!

24 හැවරිදි ඉන්දීය යොවුන් ක්‍රීඩක කුමාර් කාර්තිකේයා වසර 9 කට පසු යලිත් තමන්ගේ නිවසට පැමිණි බව පසුගියදා ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණි. තම පවුලට ආර්ථික බරක් වීම නැවැත්වීම සඳහා වයස අවුරුදු 15 දී ඔහු නිවසින් පිටව ගොස් ඇති බව සඳහන්. ඔහුගේ ක්‍රිකට් සිහිනය සැබෑ වන තෙක් බොහෝ කලක් කර්මාන්ත ශාලාවක වැඩ කිරීමට ඔහුට සිදු විය.

ඔහු මේ වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් IPL වරම් දිනාගත් අතර රංජි කුසලානයේ ඔහුගේ නවාතැන වූයේ මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායමයි. වමතින් පිට දඟ පන්දු යවන්නෙකු වන කාර්තිකේයා මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම වෙනුවෙන් 2018 තරඟ වාරයේදී පළමු පෙල වරම් දිනාගත්තේය. ඉන් අනතුරුව ඔහු විස්සයි-20 තරඟ තුනක ලද සීමිත අවස්ථාවන් තුලදී දැක්වූ දස්කම් හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔහුට ලංසු තැබීමට තීරණය කලේය.

සාර්ථක තරඟවාරයන් ගණනාවකින් පසු වසර 9 කුත් මාස තුනකට පසු තම නිවස වෙත පැමිණි කාර්තිකේයා තම නිල ට්විටර් ගිණුමට ඡායාරූපයක් එක් කරමින් කියා සිටියේ “මගේ පවුලේ අය සහ අම්මාව අවුරුදු 9කට මාස 3කට පසුව මුණගැසුණා. මගේ හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ” යනුවෙනි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු , “අවුරුදු 9ක් මම ගෙදර ආවේ නැහැ. මම ජීවිතයට යමක් සාක්ෂාත් කර ගත් විට පමණක් ආපසු ගෙදර යාමට මම තීරණය කළා. මගේ අම්මයි තාත්තයි මට නිතරම කතා කළා, නමුත් මම කැප වුණා. දැන් අන්තිමට මම IPL ඉවර වෙලා ගෙදර එනවා. මගේ පුහුණුකරු සංජය සර් මගේ නම මධ්‍ය ප්‍රදේශ් සඳහා යෝජනා කර තිබුණා. පළමු වසරේදීම මගේ නම අවුරුදු 23න් පහළ කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස ඉදිරිපත් වූනා, මගේ නම ලැයිස්තුවේ තිබීම දැකීමෙන් මට විශාල සහනයක් දැනුණා, ” යනුවෙන් ඔහු අදහස් දක්වා තිබුනා.

කුමාර් කාර්තිකේයා සිය මව පිළිබඳව තබා තිබු ට්විටර් සටහන පහතින්,

කුමාර් කාර්තිකේයා සිය පියා පිළිබඳව තබා තිබු ට්විටර් සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button