Cricket NewsEXCLUSIVE

සිම්බාබ්වෙ හමුවෙ පරාජයෙන් කෝප වූ ශ්‍රි ලංකා රසිකයන් අතැති දෙයින් ක්‍රීඩාගණය දෙසට දමා ගසයි.

ඊයේ අවසන් පන්දු 13 න් ලකුණු 35 ක් උදුරාගත් ලූක් ජොන්ග්වේ (නොදැවී 25) සහ ක්ලයිව් මඩාන්ඬේ (නොදැවී 15) එක්ව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 4 ක විශිෂ්ට ජයක් කරා සිම්බාබ්වේ පිල කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් වි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කොළඹදී ලබාගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ මංගල විස්සයි-20 ජයග්‍රහණයයි.

වසර 2008 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි-20 අන්තර්ජාතික තරග 5 ක් පැවැත්වී ඇතත් ශ්‍රී ලංකාව පරාජය වූයේ මුල්ම වතාවටයි.

කෙසෙ වෙතත් පරාජයෙන් පසු ශ්‍රි ලංකා ප්‍රේක්ශකයන් තම අතැති බෝතල්, කොළ කැබලි වැනි දැ වලින් ක්‍රීඩාංගණය දෙසට දමා ගසන වීඩියෝ සමාජ මාධ්‍ය වල වයිරල් වෙමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7