Cricket NewsEXCLUSIVE

“ස්ටාක්ට ගහපු හයම ඇති අයියෙ” – ආරාධිත අමුත්තකු ලෙස අගලවත්ත මහජන ක්‍රීඩාංගනයට පැමිණි පැතුම් නිස්සංකට ක්‍රිකට් රසිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක්.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෑතකාලීනව හමු වූ සුපිරි පිතිකරුවෙකු ලෙස පැතුම් නිස්සංකව හැඳින්විය හැකිය.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරග ආකෘති තුනටම මනාව ගැලපෙන පැතුම් නිස්සංක මේ වනවිට ජාත්‍යන්තර විස්සයි-20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට පවා ඇතුළත්ව තිබෙනවා.

විශේෂත්වය වන්නේ මීට පෙර එම දස්කම දැක්වූ තිලකරත්න ඩිල්ෂාන්ගෙන් වසර 7කට පමණ පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පිතිකරුවෙකු ලෙස මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත් වීමයි.

ඒ අනුව පැතුම් නිස්සංක යනු මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ක්‍රිකට් ලෝකයේ ම දැඩි රසික ආකර්ශනයක් හිමි කරගෙන තිබෙන ක්‍රිඩකයෙකි.

මේ අතර අද දිනයේ දී කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මිහිඳු ජාතික පාසල සහ අගලවත්ත ජාතික පාසල අතර පැවැති තරඟයට පැතුම් නිස්සංක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වුණා.

ඒ අවස්ථාවේ දැඩි ප්‍රේක්ෂක ආදරයක් පැතුම් නිස්සංකට හිමිවූ අතර තරගය පැවැත්වුණේ අගලවත්ත මහජන ක්‍රීඩාංගනයේදී ය.

තරගයේ ජයග්‍රහණය මෙහිදී මිහිඳු ජාතික පාසලට හිමිවු අතර ආරාධිත අමුත්තකු ලෙස පැතුම් නිස්සංක එම අවස්ථාවට එක් වූ ආකාරය දැක්වෙන වීඩියෝ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button