EXCLUSIVETrending Article

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ අදුරුතම දිනයක් සනිටුහන් කරමින් ආර් ප්‍රේමදාස පිටියේ දිනේෂ් කාර්තික්ගේ පිත්තෙන් එල්ල වූ දැවැන්ත පහරට වසර 4යි.!

අප මේ කතාකරන්නට යන්නේ ඉතිහාසගත තරඟයක් ගැනය. ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරන තෙක් බලා සිටියානම් ඒ මේ තරඟය පමණි.

මේ 2018 වසරේ පැවති නිදහස් කුසලාන අවසන් මහා තරඟයයි.

තරඟයේ අවසන් මොහොතට පැමිණ තිබෙන අතර තරඟ ජයග්‍රහණය සඳහා වැඩි වාසියක් ඒ වන විට හිමිකරගෙන සිටියේ බංගලාදේශ කණ්ඩායමයි.

ඉතිරිව ඇත්තේ එක් පන්දුවකි .තරගය ජය ගැනීමට නම් ලකුණු 5 ක් අවශ්‍යය.

පන්දු ‍යවන්නා ” සෞම්‍ය සර්කාර් ” ය. ඔංදුවට පහර දෙන පිතිකරු ” දිනේෂ් කාර්තික් ” ය.

කොලඹ ආර් ප්‍රේමදාස පිටියේ රැස්ව සිටින ප්‍රේක්ෂකයන්ගේ මුවින් පිටවන්නේ එකම වචනයකි .

වෙනදා මෙන් ” ශ්‍රී ලංකා ! ශ්‍රී ලංකා ” එසේත් නැතිනම් ” ස්ලින්ගා මාලින්ගා ” වත් නොවේ .

” කාර්තික් කාර්තික් ” යනුවෙනි.

දිනේෂ් කාර්තික් වෙත පැවරී ඇත්තේ එසේ මෙසේ වගකීමක් නොවේ. රටවල් දෙකක වගකීමකි.

” රාවණා දේශයේත්, හනුමන්තාගේ දේශයේත් මිලියන සංක්‍යාත ඈයෝ රූපවාහිනී තිරය මත හිද මුල් වරට එකම එක ප්‍රාර්ථනාවක් කරයි “ ඒ ඉන්දීය ජයග්‍රහණයයි.

Flat! hard! AND HE’S CLEARED THE BOUNDARY! INDIA WIN!

විස්තර කවුලුවේන් එලෙස ඇසුණේ ඉන්දීය ක්‍රිකට් විචාරක සංජේ මන්ජේකාර්ගේ තියුණු ස්වරයයි.

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ අදුරුතම දිනයක් සනිටුහන් කරමින් කාර්තික්ගේ පිත්ත ප්‍රේමදාස හතරේ සීමාවට ඉහලින්
එල්ල කල පහරට ඉන්දීය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් නිදහස් කුසලානය ජය ගැනිමට හැකිවිණ .

එම ස්වර්ණමය අවස්ථාවට අදට වසර 4 කි.

ශ්‍රී ලංකාව ජය නොගෙන එතරම් සතුටක් ලත් දිනයක් මගේ ක්‍රිකට් පොතේ නැති තරම් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7