Cricket NewsEXCLUSIVEIPL

තමිල්නාඩුවේ දැඩි විරෝධය මධ්‍යයේ දස වසරකට පසුව Chennai Super Kings නියෝජනය කරන ශ්‍රී ලාංකිකයා – මහිෂ් තීක්ෂණ

2007 වසරේ ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය මේ වන විට ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය බවට පත්වී අවසානය.

මේ වන විට IPL තරගාවලියේ වැඩිම වරක් ශූරතාවය ජයග්‍රහණය කර ඇති කණ්ඩායම් බවට පත්වී තිබෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මුම්බායි ඉන්දියන්ස් 5වරක් ශූරතාවය ජයග්‍රහණය කර ඇති අතර IPL තරඟාවලිය ආරම්භ වූ වර්ෂයේ පටන් පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වූ Chennai Super Kings සිව් වතාවක් ශූරතාවය ජයග්‍රහණය කර තිබෙනවා.

Chennai Super Kings කණ්ඩායම තමිල්නාඩු ප්‍රාන්තය කෙන්ද්‍ර කර ගනිමිනි ක්‍රීඩා කරන අතර තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන අරගල හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට Chennai Super Kings කණ්ඩායමට ක්‍රීඩා කිරීමද හිටපු මහා ඇමතිනිය ජයලලිතා ජයරාම් තහනම් කරනු ලැබුවා.

කෙසේ නමුත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් CSK නියෝජනය කර තිබෙනවා.

ඒ අනුව අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Chennai Super Kings කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2012 වර්ෂයේදීය.

ඒ ශ්‍රී ලංකාවෙන් බිහිවූ පුරාවෘත්ත ගණයේ වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර විසිනුයි. ඉන් දස වසරකට පසුව මෙම වසරේදී Chennai Super Kings කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වරම් හිමි වුණා.

ඒ මහිෂ් තීක්ෂණ හටයි, 19 හැවිරිදි වියේ පසුවන මහිෂ් තීක්ෂණ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී සහ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඉතා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා මේ හේතුවෙන් Chennai Super Kings කළමනාකරුවන්ගේ දෑස් මහේෂ් දෙසට හැරී තිබෙනවා.

කෙසේ නමුත්ව මහිෂ් තීක්ෂණව චෙන්නායි කණ්ඩායම වෙත ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත් විට තමිල්නාඩු ප්‍රේක්ෂකයන් ඊට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පළ කරනු ලැබුවා. කෙසේ නමුත් මේ වනවිට මහිෂ් තීක්ෂණ Chennai Super Kings කණ්ඩායම සමඟ එක්ව පුහුණුවීම්වල නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7