Cricket NewsEXCLUSIVEInternational

බාබර් අසාම්,ඇලෙක්ස් හේල්ස් අභිබවා වයස අවුරුදු 24 වන විට වැඩිම විස්සයි විස්ස අර්ධශතක ලාභී ආරම්භක පිතිකරුවන් අතර පෙරමුණ පැතුම් නිස්සංකට !

ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු ජයග්‍රහණය තමන් සතු කරගන්නට සමත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලකුණු 79 කින් පරාජය කරමිනි.ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් වූ ඊයේ තරඟයේදී විශිෂ්ඨ ඉනිමක් දියත් කල පැතුම් නිස්සංක ලකුණු 74 ක් රැස් කරන්නට සමත් විය.

ඊයේ මේ වසර තුලදී ලකුණු 1000 කඩයිම මෙන්ම තවත් වාර්ථාවක් තමන් සතු කරගන්නට යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වීම විශේෂත්වයක්.ඊයේ තම 8 වන විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකය රැස් කරන්නට පැතුම් නිස්සංක සමත් වීමත් සමඟ වයස අවුරුදු 24 වන විට වැඩිම විස්සයි විස්ස අර්ධ ශතක ලාභී ආරම්භක පිතිකරුවන් අතර පෙරමුණ ගන්නට ඔහු සමත් විය.

ඔහුට පෙර එම වාර්ථාව ඉසිළූයේ පකිස්තානු නායක බාබර් අසාම් වන අතර ඔහු වයස අවුරුදු 24 වන විට විස්සයි විස්ස අර්ධ ශතක 7 ක් තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබුණි.එම වාර්ථාවේ බාබර්ට පසු පසින් එංගලන්ත ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් රැඳී සිටි අතර ඔහු ඒ වන විට අර්ධ ශතක 6 ක් වාර්ථා කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7