Cricket NewsEXCLUSIVE

ඊයේ තරඟයේ හැරවුම් ලක්ෂ්‍ය වූ Daniel Sams විසින් රැකගත් පැතුම් නිස්සංකගේ සුපිරි උඩපන්දුව.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදි සුපිරි පන්දුවාර දක්වා ගිය තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලියේ තව දුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 121ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය ලෙස ලකුණු 122ක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කළා.

එහිදී තරඟයේ තීරණාත්මක අවස්ථාවක් ලෙසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පැතුම් නිස්සංක ලකුණු 16ක් ලබා සිටියදි දැවී යාම සදහන් කර තිබුනා.

එහිදි Glenn Maxwell විසින් යොමු කරන ලද පන්දුවාරයකදී පැතුම් නිස්සංක එල්ල කළ පහරක් විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිඩක Daniel Sams සමත් වුනා.

තරඟයේ හැරවුම් ලක්ෂ්‍ය වූ එම උඩ පන්දු රැකගැනීම පහතින් නරඹන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button