Cricket NewsEXCLUSIVE

වනිඳු හසරංග ICC නවතම T20 පන්දුයවන්නන්ගේ ශ්‍රෙණිගත කිරීම් හි තෙවන ස්ථානය දක්වා පහතට.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද දිනයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරනු ලැබුවා.

ඒ අනුව පසු ගිය ලෝක කුසලාන තරගාවලියේ සිටම පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විස්සයි-20 න්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානය දක්වා පහතට පැමිණ සිටිනවා.

ඒ අනුව මීට පෙර පන්දුවාර විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsi එම අංශයේ නැවතත් ප්‍රථම ස්ථානයට පත් වීමට සමත්ව සිටිනවා.

එම ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක Josh Hazlewood ය.

දකුණු අප්‍රිකානු ක්‍රිඩක Tabraiz Shamsi ප්‍රසාද ලකුණු 784 ක් ලබා සිටින අතර Josh Hazlewood ප්‍රසාද ලකුණු 783 ද වනිදු හසරංග ප්‍රසාද ලකුණු 760 ලබා මෙම ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙළින් සිටිනවා.

නවතම ශ්‍රෙණිගත කිරීම් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7