Cricket GossipEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ තරඟයේදී ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කළ “සිංහල සුද්දා”

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදි සුපිරි පන්දුවාර දක්වා ගිය තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලියේ තව දුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 121ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය ලෙස ලකුණු 122ක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කළා.

එම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තරඟයේදී සිය පන්දුවාර 4තුල ලකුණු 14ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් බිඳ හෙලු Ashton Agar යනු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි.

ඔහුගේ පියා ජෝන් අගාර් වන අතර ඔහු ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.ඈෂ්ටන් අගාර්ගේ මව ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අතර ඇය සෝනියා හේවාවිස්ස නම් වෙයි.

ඇය පවසන්නේ 1974 වසරේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව බලා ගිය බවය.

සෝනියා හේවාවිස්ස පවසන්නේ තමන් ශ්‍රී ලංකාවෙන් බොහෝ කලකට පෙර පිටව ගියද තවමත් ශ්‍රී ලාංකේය චාරිත්‍රවලට මුල්තැන දෙන බවය.

1993 දී උපත ලද ඈෂ්ටන් අගාර් 2013 වසරේදී මුල්වරට ජාතික කණ්ඩායමට එක්විය.

2015 වසරේදී එක්දින වරම් හිමිකරගත් ඈෂ්ටන් අගාර් 2016 වසරේදී ඔස්ට්‍රේලියානු පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථානය වෙන්කරගත්තේය.

ජායාරුප කිහිපයක් පහතින්,

01

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button